Anadrol (oxymetholone) කිසියම් හේතුවක් නිසා ශ්රී ලංකාවේ සීඝ්රයෙන් ජනප්රිය වෙමින් පවතින අතර, මෙම ඖෂධය ගැන බොහෝ දෙනා පසුගිය සති කීපය තුළ මගෙන් විමසීම් කරන ලදී. මේ අතර වයස විසි ගණන්වල තරුණයන් පමණක් නොව අවුරුදු 40හේ මැදි වයස් පුද්ගලයන් ද සිටියා. මෙම ඖෂධය මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 1959 දී [1]. කරන ලද පරීක්ෂණවලදී මෙය මීයන්ගෙ සහ හාවන්ගේ මාංශ පේශි වල ඇන්ඩ්රොජන් ප්රතිග්රාහකවලට හෙවත් පිරිමි හෝමෝන ප්රතිග්රාහක වලට බන්ධනය වීම සිදුවන්නේ ඉතා දුර්වලව බව සොයා ගන්නා ලද අතර , මෙමඟින් හැඟී යන්නේ එහි ක්රියාකාරීත්වය වෙනත් පරිවෘත්තිය ක්රියාවලියකින් හෝ වෙනත් ප්රතිග්රාහකයකින් සිදුවන බවයි. මගේ වසර ගණනක අත්දැකීම් වලට අනුව මෙය ශරීරයට හානියකින් තොරව භාවිත කරන ආකාරය ගැන ඉදිරියේදී කතා කිරීමට නියමිතයි. දැනට මෙම ඖෂධයේ අතුරු ආබාධ සහ ශරීරයට විය හැකි හානි ගැන මම කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

1. සති හයක් වැනි කෙටි කාලයක් මෙය භාවිතා කිරීම මගින් ශරීරයේ කොලස්ට්රෝල් මට්ටම
වැඩි වී මොලයට ලේ ගමන් කරන නහර වල පවා අවහිරතා ඇති විය හැක. [2]
2. oxymetholone මගින් ඔබේ වෘෂණ කෝෂවලට හානි ඇති විය හැකි අතර එම හානිය
ප්රතිඔක්සිකාරක භාවිතය මගින් අවම කරගත හැක. [3][4]
3. මෙමගින් අක්මාව ඉදිමීම හෙවත් හෙපටයිටිස් සහ සෙංගමාලය වැනි තත්ත්වයක් පවා
ඇතිවිය හැක. එය ඇතැම් විට ජීවිතයට පවා තර්ජනයක් විය හැක.[5]
4. එය භාවිතය නවතා දැමීමෙන් පසුව ඉතා දුර්ලභ රෝගයක් වන peliosis hepatis තත්වය
ඇතිවිය හැක. මෙම රෝගය මගින් අක්මාවට ලේ සපයන කේශනාලිකා වලට හානි සිදු
වේ.[6][7]
5. oxymetholone භාවිතය සහ අක්මාවේ පිළිකා ඇතිවීම අතරද සම්බන්ධතාවයක් පරීක්ෂණ
මගින් සොයාගෙන තිබේ [8]
6. oxymetholone මගින් වකුගඩු රෝග ඇතිවීම සහ වකුගඩු සම්පූර්ණයෙන් නරක් වීම පවා
සිදුවිය හැක[9]
7. මීයන් භාවිතයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලදී oxymetholone මගින් වකුගඩු සෛල වලට
හානි කරන බව සොයාගෙන ඇත[10]
References.
[1] Ringold, H. J., Batres, E., Halpern, O., & Necoechea, E. (1959). Steroids. CV. 1 2-Methyl and
2-hydroxymethylene-androstane derivatives. Journal of the American Chemical Society, 81(2),
427-432.
[2] Reeves, R. D., Morris, M. D., & Barbour, G. L. (1976). Hyperlipidemia due to oxymetholone
therapy: Occurrence in a long-term hemodialysis patient. Jama, 236(5), 469-472.
[3] Akbari Bazm, M., Khazaei, M., Khazaei, F., & Naseri, L. (2019). Nasturtium Officinale L.
hydroalcoholic extract improved oxymetholone‐induced oxidative injury in mouse testis and
sperm parameters. Andrologia, 51(7), e13294.
[4] Akbari Bazm, M., Goodarzi, N., Shahrokhi, S. R., & Khazaei, M. (2020). The effects of
hydroalcoholic extract of Vaccinium arctostaphylos L. on sperm parameters, oxidative injury and
apoptotic changes in oxymetholone‐induced testicular toxicity in mouse. Andrologia, 52(3),
e13522.
[5] Young, G. P., Bhathal, P. S., Sullivan, J. R., Wall, J. A. J., Fone, D. J., & Hurley, T. H. (1977).
Fatal hepatic coma complicating oxymetholone therapy in multiple myeloma. Australian and
New Zealand journal of medicine, 7(1), 47-51.
[6] McDonald, E. C., & Speicher, C. E. (1978). Peliosis hepatis associated with administration of
oxymetholone. JAMA, 240(3), 243-244.
[7] Arnold, G. L., & Kaplan, M. M. (1979). Peliosis hepatis due to oxymetholone--a clinically
benign disorder. American Journal of Gastroenterology, 71(2).
[8] Velazquez, I., & Alter, B. P. (2004). Androgens and liver tumors: Fanconi's anemia and
non‐Fanconi's conditions. American journal of hematology, 77(3), 257-267.
[9] Elyasi, F. (2018). Oxymetholone-induced acute renal failure: a case report. Caspian Journal
of Internal Medicine, 9(4), 410.
[10] Karimi Jashni, H., Bandak, S., & Mahjoor, A. (2011). The effect of oxymetholone on the
kidney tissues of one day old rats. Journal of Jahrom University of Medical Sciences, 9(3), 8-13.
Comments
Post a Comment